macOS එකේ default Sinhala keyboard layout එකෙන් “කො” type කරන්න ඕනේ:
ක + ෙ + ා → කො
නමුත් අපි සිංහල ලියන සහ සාමාන්‍ය Wijesekara keyboard එක භාවිතා කරන ස්වභාවික පිළිවෙළ වෙන්නේ:
ෙ + ක + ා → කො
මේක අටවල වගේ කාලයක් තිස්සෙ පාවිච්චි කරපු project එකක base එකක් පාවිච්චි කරල, AI tooling වලින් හරියට වෙන කෙනෙක්ටත් පාවිච්චි කරන්න පුළුවන් level එකට ගත්තු project එකක්.
Akshara කියන්නේ modern macOS සඳහා හදපු Sinhala input method එකක්. දැනට input modes දෙකක් support කරනවා:
• Akshara – Phonetic
mama → මම
amma → අම්ම
siMhala → සිංහල
• Akshara – SLS1134 / Wijesekara
සාමාන්‍ය Wijesekara keyboard layout එක භාවිතා කරලා Unicode Sinhala type කරන්න පුළුවන්.
macOS 12 හෝ ඊට පසු version එකක් තියෙනවා නම් source එකෙන් build කරලා test කරන්න පුළුවන්. Project එක MIT License යටතේ open-source කරලා තියෙන්නේ.
Github link එක මෙතැනින්
Project Owner : Lahiru Himesh Madusanka
