SEO Course වලට ලක්ෂ ගණන් වියදම් නොකර FREE SEO Basic to Advanced බලගතු Resources මෙන්න

 SEO in Sinhala කියන්නෙ වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයට විශේෂයෙන් අවශ්‍ය වෙන දෙයක්. මෙන්න තියෙනවා Basic to Advanced තොරතුරු සියල්ල තියෙන ඉගෙන ගන්න මූලාශ්‍ර රාශියක්. ඔබත් මේවා ඇසුරුකර SEO ඉගෙන ගන්න.

1.Google Search Central (Documentation & SEO Starter Guide)

.Google Search Central (Documentation & SEO Starter Guide)

SEO වල Bible එක තමයි මේක. Search Engine එකක් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද, Google එකෙන් Website එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා Third-party අයට වඩා හොඳටම දන්නේ Google එකමනේ. මුලින්ම Google Search Essentials සහ SEO Starter Guide එක කියවලා ඉන්න…

https://developers.google.com/search

2. LearningSEO.io (by Aleyda Solis) 

LearningSEO.io (by Aleyda Solis)

කොහෙන්ද පටන් ගන්නේ කියලා Roadmap එකක් නැතුව අතරමං වෙලා ඉන්න අයට තියෙන හොඳම Structured Resource එක. Beginner level එකේ ඉඳන් Advanced Topics වෙනකම්ම පිළිවෙලට Links එක්ක Roadmap එක හදලා තියෙනවා.

https://learningseo.io/


3. Ahrefs Blog & YouTube Channel & Academy 

Ahrefs Blog & YouTube Channel & Academy

Practical SEO, Actionable Keyword Research, සහ Data-driven Backlink Strategies ඉගෙනගන්න මාරම වටින තැනක්. Case studies එක්කම දේවල් පැහැදිලි කරන නිසා තේරුම් ගන්න හරිම ලේසියි. මම ආසම Resource එකක් තමයි Ahrefs කියන්නේ..

https://ahrefs.com/academy

https://ahrefs.com/blog/

https://www.youtube.com/c/AhrefsCom


4. Semrush Blog & Academy 

Semrush Blog & Academy

Keyword Research, Competitor Analysis, සහ Technical SEO Audits ගැන සරලව ඉගෙනගන්න නියම තැනක්. Semrush Academy එකේ Free Certification Courses පවා තියෙනවා.

https://www.semrush.com/blog/

https://www.semrush.com/academy/


5. Moz

Moz

SEOmoz ඒකේ founder - Rand Fishkin- ව Godfather of SEO කියලා කියනවා. හිතාගන්න පුලුවන්නේ Moz එකට තිබ්බ තැන . SEO වලට අලුතෙන්ම එන කෙනෙක්ට Domain Authority, Crawling, Indexing වගේ Foundational Concepts තේරුම් ගන්න Moz එකේ Beginner's Guide එක තරම් Classic තැනක් තවත් නෑ…

https://moz.com/blog

https://academy.moz.com/


6. Backlinko (Brian Dean)

Backlinko (Brian Dean)

On-Page SEO, Content Architecture, සහ Link Building Tactics ගැන තියෙන මාරම User-friendly Guides මේකේ තිබ්බා... 2022 Semrush, Backlinko ලව Acquire කලා… පොඩ්ඩක් දැන් Semrush එක Market කරනවා වැඩී ඒත් තාම වටිනවා…

https://backlinko.com/


7. Search Engine Journal (SEJ) / Search Engine Roundtable

Search Engine Journal (SEJ) / Search Engine Roundtable

දවස ගානේ Muscle Memory එක වගේ යන්න ඕනේ තැනක් … SEO Industry එකේ දවසින් දවස වෙන Updates, Google Algorithm Changes, සහ International Case Studies ගැන Daily track එකේ ඉන්න හොඳම News & Insights Source එකක්. SEO Practitioner කෙනෙක් නම් හැමදාමවත් පොඩ්ඩක්හරි ගිහින් බලලා එන්න ඕනේ මේවට..

https://www.searchenginejournal.com/

https://www.seroundtable.com/


8. Surfer SEO Blog

Surfer SEO Blog

Semantic SEO, NLP, Content Optimization, සහ Modern On-Page Tactics, Data එක්ක කොහොමද හරියටම Apply කරන්නේ කියලා ඉගෙනගන්න නියම Platform එකක්. ChatGPT එන්න කලින් SEO Content Writer කෙනෙක් විදියට වැඩ කරපු කාලේ මමත් පට්ට විදියට Follow කරපු Blog එකක් මේක. "Content is King" කියලා හැමෝම කියනවනේ...එහෙනම් ඉතින් Content ලියන හෝ SEO කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම කියවන්න ඕනෙම Resource එකක් තමයි මේක.

https://surferseo.com/blog/


9. Yoast SEO Blog & Shopify SEO Guides

Yoast SEO Blog & Shopify SEO Guides

WordPress, Content SEO Basics තේරුම් ගන්න Yoast Blog එකයි , eCommerce Platform එකක Product Pages සහ Architecture Optimize කරන හැටි ඉගෙනගන්න Shopify SEO Resources ත් ගොඩක් වටිනවා .

https://yoast.com/seo-blog/

https://www.shopify.com/blog


10. AI Tools - ChatGPT/ Claude/Gemini etc 

AI Tools - ChatGPT/ Claude/Gemini etc

තේරුම් කරන්න දෙයක් නෑනේ ඒක ඉතින්

වැදගත් ....

හැබැයි... මෙතන මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ! ⚠️

මේ Blogs 10ම එක හුස්මට කියෙව්වා කියලා ඔයා එක රැයකින් SEO Specialist කෙනෙක් වෙන්නේ නෑ.

හේතුව මොකක්ද දන්නවද?

මේ ගොඩක් Tools සහ Platforms blogs ලියන්නේ අපිට උගන්වන ගමන්ම එයාලගේ Software/Tools එක Promote කරගන්න (Soft Marketing). ඒකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි Real-world SEO කියන්නේ Tool එකක පෙන්නන Metrics දිහා බලන් ඉන්න එකට විතරක් නෙවෙයි.

අනික Google / Search Engines කියන්නේ Blackbox එකක්.. ඒ නිසා කවුරුත් මේකේ Rank කරන Secret Hacks දන්නෙ නෑ (දන්න අය ඉන්නවද දන්නෙත් නෑ.. මම දන්නවනන්ම් මන් කාටවත් කියන්නෙත් නෑ..) ඒ නිසා දකින හැමදේම විශ්වාස කරන්නත් එපා..

අනික මේ යන විදියට හැමදේම එක පාර වෙනස් වෙනවා..ඒ නිසා ඊයේ ඉගෙනගත්තු ටික හෙට වෙද්දී වැඩ නොකරන්න පුලුවන් මේ AI Growth එක නිසා ..

Real SEO හැදෙන්නේ pure Experience එකෙන් විතරයි!

ලෝකේ කිසිම Course එකක හරි Guide එකක හරි උගන්වන්නේ නැති 80%ක් දේවල් තියෙන්නේ ඔයා Field එකට බැහැලා අත පුච්චගන්නකොට:

- පොඩි Domain එකක් අරන් තමන්ගෙම Site එකක් හදන්න.

Content ලියලා, Pages Rank කරන්න Test කරලා බලන්න.

- Algorithm Updates වලට අහු වෙලා Traffic Drop වෙන හැටි ඇස් දෙකෙන්ම අත්විඳින්න.

- හිතපු Strategy වැඩ නොකරද්දී Site කඩලා ආපහු මුල ඉඳන් හදන්න.

මමත් Career එක මුලින්ම Content Writer කෙනෙක් විදියට පටන් අරන්, අද වෙනකම් Full SEO Projects 50කට වැඩියෙන් කරලා, අවුරුදු ගානක් ඉගෙනගත්තු කෙනෙක් විදියට කියන්නේ: Theory එකෙන් පාර පෙන්නුවට, ගමන යන්න වෙන්නේ ඔයා Field එකේ කරන Experiments, Failures සහ Results එක්ක විතරයි.

ඒ වගේම ඉස්සරහට වෙලාව තියෙන විදියට, SEO ගැන Free Video Guides ටිකක් මගේ YouTube Channel එකටත් අරන් එන්න ලොකු Idea එකක් තියෙනවා. කැමති අයට පුළුවන් දැන්ම Subscribe කරලා එකතු වෙන්න:

👉 https://www.youtube.com/@SathminaSEO

ඉතින් ලොකු Course වලට සල්ලි නාස්ති නොකර, අදම මේ Free Resources වලින් Solid Foundation එකක් හදාගෙන තමන්ගෙම ගමනක් යන්න...

තව දෙයක්.. මේ ඔක්කොම නෙවෙයි... පටන් ගන්න කෙනෙක්ට පටන් ගන්න හොද තැන් ටිකක් විතරයි... මම උනත් Refer කරන Resources ඕනේ තරම් තියෙනවා... පටන් ගද්දී ඔක්කෝම බදාගන්න එපා.. නිකන් Burnout වෙනවා විතරයි..

Course කරන්න එපා කියනවා නෙවෙයි…සල්ලි තියෙනවනම් ඉතින් කරාට කමක් නෑ.. සමහරුන්ට කියවලා තේරුම් ගන්නවට වඩා කවුරුහරි උගන්නලා තේරුම් ගන්න එක තේරෙන්න පුලුවන්…

මාත් Paid Courses, Sources ගන්නවා තව අලුත් දේවල් ඉගෙනගන්න ... අනික Qualified කෙනෙක් කරන Course එකක Theory වලට අමතරව කරන කෙනාගේ Experience එකත් Share කරගන්නවනම් ඒක වටින්න පුලුවන්...

බොරු නෙවෙයි මටත් වෙලාව තිබ්බොත් මාත් කරනවා ඉගෙනගත්තු දේවල් තව කෙනෙක්ට කියාදෙන්න.. හැබැයි එහෙමයි කියලා ඒක අනිවාර්‍යා නෑ.. උනගන්දුව තියෙන කෙනෙක්ට මේ ටික හොදටෝම ඇති..

එහෙනම්, ජය වේවා!

source : Sathmina SEO ,https://www.seoservicessrilanka.com/ , https://www.facebook.com/SathminaDD

Previous Post Next Post