WhatsApp Group වල හැමෝටම එකපාර Tag කරන්න අලුත්ම '@all' Feature එක

 WhatsApp Group වල හැමෝටම එකපාර Tag කරන්න අලුත්ම '@all' Feature එක! 🟢✨

​WhatsApp Group එකක ඉන්න හැමෝටම වැදගත් පණිවිඩයක් යවන්න එකින් එක Tag කර කර ඉඳලා එපා වෙලාද? ඔන්න WhatsApp එකෙන් ඒකට නියම විසඳුමක් විදිහට අලුතින්ම @all Feature එක ගෙනල්ලා තියෙනවා!

​දැනගත යුතු නිවැරදිම තොරතුරු මෙන්න: 👇

​📌 මොකක්ද මේ @all කියන්නේ?

Message එකක් type කරද්දී @all විදිහට type කරලා යැව්වම Group එකේ ඉන්න සියලුම සාමාජිකයින්ට එකවර Notification එකක් යනවා. විශේෂ නිවේදන (Announcements) සහ හදිසි පණිවිඩ යවන්න මේක ගොඩක් ලේසියි.

​📌 විශේෂත්වයන් සහ දැනගත යුතුම කරුණු:

​🔔 Mute කරත් Alert එක යනවා: Group එක Mute කරලා තිබ්බත්, කවුරුහරි @all පාවිච්චි කරොත් හැමෝටම Notification එකක් යනවා. වැදගත් පණිවිඩ මගහැරෙන්නේ නැහැ.

​🛡️ ප්‍රමාණය අනුව සීමාවන්: Spam නවත්තන්න, සාමාජිකයින් 32 ට අඩු Groups වල ඕනෑම කෙනෙකුටත්, 32 ට වැඩි විශාල Groups වල Group Admins ලට පමණක් මෙය භාවිතා කළ හැක.

​🔕 වෙනම Mute කරන්නත් පුළුවන්: මේක කරදරයක් නම් Group Settings වලට ගිහින් @all Mentions පමණක් වෙනම Mute කරලා තියන්නත් පුළුවන්.

​📌 භාවිතා කරන්නේ කොහොමද?

WhatsApp (Latest Version) Update කරලා, Group එකේ Message type කරන තැන "@" ලකුණ type කරන්න. එවිට ඉහළින්ම "Everyone" හෝ "All" ලෙස පෙන්වාවි. (ඔබට තවම නැත්නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලැබේවි).

whatsapp @all tag anyone feature in sinhala

Author :OctaGone 135

Previous Post Next Post