2026 වසරට අදාල ශ්‍රී ලංකා AI සතිය ප්‍රකාශයට පත් කෙරේ

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (Al) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන "ශ්‍රී ලංකා AI සතිය - 2026" ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම සුවිශේෂී ජාතික වැඩසටහන එළඹෙන 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිත බවයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මීට සමගාමීව, "Sri Lanka Al Week 2026" නිල වෙබ් අඩවිය අගෝස්තු 05 දින ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න විසින් එළිදැක්වීම සිදුකරනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL එක්ව මෙම ජාතික වැඩසටහන සංවිධානය කරනු ලබයි. 

මෙවර වැඩසටහන හරහා ජාත්‍යන්තර සමුළුවක්, තාක්ෂණික ප්‍රදර්ශනයක් සහ AI නවෝත්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙලක් සංවිධානය කරමින්, ශ්‍රී ලංකාවේ AI පරිසර පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ වී තිබෙනවා.

DIGIECON 2030 සහ SLUDI වැනි ජාතික වැඩසටහන් සමඟ ශක්තිමත් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනඟමින්, ජාතික AI ආයතනයක් ස්ථාපිත කිරීම, දේශීය පර්යේෂණ සහ නවෝත්පාදන දිරිගැන්වීම සහ තරුණ පරපුර AI තාක්ෂණය වෙත යොමු කිරීම හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ AI මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම අපගේ ඉලක්කය බව අමාත්‍යවරයා ප්‍රකාශ කෙරුවා. 

SRI LANKA AI WEEK 2026 - PHOTO1

SRI LANKA AI WEEK 2026 - PHOTO2

SRI LANKA AI WEEK 2026 - PHOTO3

SRI LANKA AI WEEK 2026 - PHOTO4
Previous Post Next Post