
ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රය දෙස බැලීමේදී කැපී පෙනෙන අසමානතාවක් දැකිය හැකිය. රටේ ජනගහනයෙන් 75% කට ආසන්න පිරිසකට බැංකු ගිණුම් පැවතියද, ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නේ 5% කටත් වඩා අඩු පිරිසකි. මෙම හිඩැස හඳුනාගනිමින්, සාමාන්‍ය ජනතාවට සහනදායී ලෙස මිලදී ගැනීම් කිරීමට මඟපාදමින් කරලියට ආ නව්‍යකරණ විසඳුම වන්නේ Mintpay වේ.
"Buy Now, Pay Later" (දැන් ලබාගෙන පසුව ගෙවන්න) සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් Mintpay හරහා පාරිභෝගිකයන්ට තමන් ලබාගන්නා භාණ්ඩ හෝ සේවාවන් සඳහා වාරික 3 කින්, කිසිදු අතිරේක පොලියකින් තොරව මුදල් ගෙවීමේ හැකියාව හිමිවේ. ඊට අමතරව, ක්ෂණික කෑෂ්බැක් (Cashback) සහ විවිධ වට්ටම් ලබාගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවේ. සාම්ප්‍රදායික ණය පත් ලබාගැනීමේදී ඇතිවන සංකීර්ණ බාධාවන්ගෙන් තොරව, ඩෙබිට් කාඩ්පතක් ඇති ඕනෑම අයෙකුට AI තාක්ෂණය ඔස්සේ ආරක්ෂිතව මෙම පහසුකම ලබාදීමට Mintpay සමත්ව ඇත.
මේ අභියෝගාත්මක නමුත් සාර්ථක ව්‍යාපාරික ගමන පිටුපස සිටින්නේ උර්මිලා චන්ද්‍රසේකරම් (CEO) සහ කුකරාජ් තර්මසේගරම් (CTO) යන තරුණ දෙපළයි. එකම පාසලෙන් සහ විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික/පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරා පිටවූ මොවුන්, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක සේවය කරමින් පුළුල් අත්දැකීම් සමුදායක් ලබාගත්හ. දේශීය පාරිභෝගිකයන් මුහුණ දෙන මූල්‍ය අපහසුතාවන්ට තාක්ෂණික විසඳුමක් ලෙස ඔවුන් එකතුව Mintpay වේදිකාව නිර්මාණය කළහ.
අද වන විට වෙළඳසැල්, ආපනශාලා, සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාර 2,500 කට අධික ප්‍රමාණයක් Mintpay සමඟ අත්වැල් බැඳගෙන සිටී. ශ්‍රී ලාංකේය ඩිජිටල් වාණිජ්‍යයේ නව පිටුවක් පෙරළූ Mintpay, ඉදිරියටත් දේශීය විද්‍යුත් වාණිජ්‍ය (E-commerce) ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් සිටියි.